අගමැතිනිය සහ විපක්ෂනායක එකඟතාවයෙන් පත් කරන සාමාජිකයා කවුද ?

වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විමර්ශන සිදුකිරීම සඳහා පත් කිරීමට නියමිත කමිටුවේ සාමාජිකයෙකු සඳහා නම් ලබාදෙන ලෙස කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරියට සහ විපක්ෂනායක වෙත දැනුම්දී තිබෙනවා.

අදාළ දැනුම්දීම ලිඛිතව සිදුකර ඇති බව වාර්තා වනවා.

ස්ථාවර නියෝග අනුව අදාළ කමිටුව සඳහා අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂනායකගේ එකඟතාව මත සාමාජිකයෙකු පත්කළ යුතුයි.

මෙම කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු පත්කළ යුතු අතර තවත් සාමාජිකයෙකු අගවිනිසුරුවරයා විසින් නම් කළ යුතුව තිබෙනවා.

එමෙන්ම කමිටුවේ ස්ථීර සාමාජිකයෙකු ලෙස පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා කටයුතු කරනු ඇති.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading