සජබ මාධ්‍යවේදියා Whatnews හෙළිදරව්ව විකෘති කරයි! මැති ඇමතිලා බිරින්දෑවරුන්ගේ වීඅයිපී පෝළිමක් ගැන පච හලයි!

සමගි ජන බලවේගයේ ප්‍රචාරක කටයුතු සිදුකරන මාධ්‍යවේදියෙකු වන අසංක අතපත්තු Whatnews වෙබ් අඩවිය සිදු කරන ලද හෙළිදරව්වක් විකෘති කරමින් දළඳා ප්‍රදර්ශනයට රජයේ මැති ඇමතිවරුන් සහ බිරින්දෑවරුන් වීඅයිපී පෝළිම්වලින් සහභාගී වන බවට කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයක් කර තිබෙනවා.

මෙය අප්‍රේල් 21 වැනිදා අප වෙබ් අඩවිය විසින් සිදු කරන ලද හෙළිදරව්ව විකෘති කිරීමක් වන අතර, දළඳා දැක්මට විශේෂ පෝළිමක් ඇතැයි වාර්තා කළ අවස්ථාවේදී ඉතා පැහැදිලිව මෙය රජයේ මැදිහත්වීමෙන් සිදු කරන්නක් නොවන බව අප පෙන්වාදෙනු ලැබුවා. රජයේ මැදිහත්වීමෙන් මේ වන විට පෝළිම් තුනක් හරහා ජනතාවට දළඳා වහන්සේ වැඳපුදාගැනීමට ඉඩ සලසා තිබෙන අතර, වත්මන් ආණ්ඩුවට සම්බන්ධ නායකයන්ගේ පවුලේ හිතවතුන් පවා එම ක්‍රමවේදය හරහා සියලු ජනතාවට සමාන ආකාරයෙන් දළඳා වන්දනාවට සහභාගී වී තිබුණා. අප විසින් හෙළිදරව් කරන ලද්දේ දළඳා මාළිගාවේ පරිපාලනය විසින් පවත්වාගෙන ගිය රහසිගත පෝළිමක් පිළිබඳයි.

යම් සිදුවීමක තත්ත්වය තමන්ගේ දේශපාලන මතයද එක්කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවන්හීදී ප්‍රශ්න නොකරන ලෙසට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියා.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අසංක අතපත්තු නම් මාධ්‍යවේදියා නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පලකලා. මාධ්‍ය වේදීන් දේශපාලන මතවාද, පක්ෂපාතීත්වයන් හෝ සිය විශ්වාසය පරිදි දේශපාලන කඳවුරක සිටීම අප විසින් ප්‍රතික්ෂේප නොකරන අතර, අපද ඍජුව දේශපාලනික මැදිහත්වීම්වල යෙදෙන මාධ්‍ය ආයතනයක් වෙනවා. කෙසේ වෙතත්, කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුව වැනි අවස්ථාවක තමන්ගේ මතය ප්‍රකාශ කිරීම වෙනුවට පදනම් සහගතව ප්‍රශ්න විමසා සිටීම වෘත්තිය මාධ්‍ය වේදීන්ගේ වගකීමක් වෙනවා.

අසංක අතපත්තු නැමැත්තා එහිදී විමසා සිටියේ දළදා ප්‍රදර්ශනයේදී VIP පෝලිම් නැති බවට ආණ්ඩුව පැවසුවද මේ වන විට දිගු VIP පෝලිම් තුළ අමාත්‍යංශ ලේකම්වරු, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ බිරින්දෑවරු යන අය සිටින බවයි.

මෙම ආණ්ඩුව පච ආණ්ඩුවක් වී පචම වී ඇති බව පවසන අසංක අතපත්තු මාධ්‍යවේදියා පවසන්නේ මීට පෙර ටොම් පචයා ලෙස පැවසුවේ හිටපු කතානායවරයාට වුවද දැන් එය පැවසීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බවයි.

ආණ්ඩුව කිසිදු ලෙසකින් VIP පෝලිමක් නිරිමාණය කරමින් දළදා ප්‍රදර්ශනයක් සිදු කර නොමැති බවත් එම පෝලිම්වල ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හෝ ඔවුන්ගේ බිරින්දෑවරු සිටින බව පැවසීම පට්ටපල් බොරුවක් බවත් මීට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියා.

සාමාන්‍ය ජනතාව ගමන් ගන්නා පෝලිමට අමතරව වෙනත් පෝලිමක් ඇතිනම් එම අඩුපාඩුව සකස් කර ගත යුතු වුවත් ආණ්ඩුව සම්බන්ධව එවැනි චෝදනාවක් කිසිම ලෙසකින් හෝ එල්ල නොකරන ලෙසට අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා.

යම් කිසි තත්ත්වයක් පිළිබදව ප්‍රශ්න කිරීමේදී තමන්ගේ දේශපාලන මතයද එක්කරමින් මැති ඇමතිවරුද VVIP පෝලිම්වල සිටින බව පවසා ප්‍රශ්න කිරීම සාධාරණ නොවන බව නලින්ද ජයතිස්ස මහතා දැඩිව පවසා සිටියා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading