කෙහෙළියගේ නඩුවට නීතිපතිගෙන් ඉල්ලීමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අනෙකුත් සැකකරුවන් 11 දෙනාට එරෙහි ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් පිළිබඳ නඩු විභාගය සඳහා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

2018 අංක 9 දරණ අධිකරණ සංවිධාන සංශෝධන පනතේ, 12 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම ඉල්ලීම සිදුකර ඇති බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය 09වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

එහිදී ඔහුගෙන් පැයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තා.

එන්නන් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය වසරේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර මාස 7කට පමණ පසුව ඇප නියම වුණා.




Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading