යූටියුබ්කාරයෝ ඕවා පොලීසියට කියන්න! මම නිකම් රම්බෝ වගේ! ගම්මන්පිළ කී කතාව

තම සමාජ මාධ්‍ය නාළිකාවල නරඹන්නන් වැඩි කර ගැනීමට පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන විශ්ලේෂණය කරන එන්.ජී.ඕ. නඩවල සිටින යූටියුබ්කරුවන්ට තමන් දන්නා තොරතුරු පොලිසිය හමුවේ පවසන ලෙස තමන් ඉල්ලීමක් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.

ජනාධිපති දුන් දිනයට මහමොළකරුවකු සොයා ගැනිමට නොහැකි විමෙන් පොලිසියට විපතක් සිදු වි තිබෙන බව පැවසු ගම්මන්පිල මහතා හන්දි ගානේ තොරතුරු පවසමින් නොසිට පොලිසියට තොරතුරු ලබා දී උදව් කරන ලෙස යෝජනා කර සිටියා.

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ ඊයේ ( 21) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසුවා.

එහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මෙසේ ද පැවසීය.

“අද මට දැනෙන්නේ මම රැම්බෝ වගේ. පුංචි කාලේ විශාල හමුදාවක් එක්ක රැම්බෝ තනියම සටන් කරන දර්ශන දැක්කා ම මට එදා හිතුනේ මේවා චිත්‍රපටවල මිස සැබෑ ජීවිතයේ සිදුවන දේවල් නොවේ කියලා. ජනාධිපතිගේ සිට නන්නාඳුන මන්ත්‍රීවරුන් දක්වා කතාවක් පැවැත්වුවහොත් සමස්ත ආණ්ඩුව ම පහර දෙන්නේ තනි මට. ටිල්වින් සිල්වාගේ සිට ජවිපෙ සිටින සියලු ම නායකයන් සිට පහළම සාමාජිකයා දක්වාම පහර දෙන්නේ තනි මට. කණ්ඩායමක් තනි ඔබට පහර දීමට පැමිණෙත් නම් සටන ඇරඹීමට පෙර ම ජයග්‍රහණය ඔබ සතුය කියා කියමනක් තිබෙනවා. මුළු ආණ්ඩුව ම එක මිටට එකතු වී මම සුවිශේෂී වීරයෙකු කළ මාලිමාවේ නායකයන්ට ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාව කර ගන්නවා.

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මේ රටේ ජනතාව රවටන්න දැරූ උත්සාහයක් අපට පරාජය කරන්න පුළුවන් වුණා. ආණ්ඩුවට මාස හයක් සම්පූර්ණ වුණා ම කාදිනල්තුමා ආණ්ඩුවට තර්ජනයක් කළා. පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් සම්පූර්ණ වන අප්‍රේල් 21 වන විටත් පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරු හෙළිදරව් කරන්න ආණ්ඩුව අසමත් වුණොත් තමන් කතෝලික ජනතාව සමග පාරට බහිනවා කියලා. මේකෙන් තැතිගත්ත ජනාධිපතිතුමා මාර්තු 30 වන දා මැතිවරණ වේදිකාවේ සිට පොරොන්දුවක් දෙනවා අප්‍රේල් 21ට පෙර පාස්කු දා ප්‍රහාරයට වගකිවයුතු පිරිසක් හෙළිදරව් කරන බව. ඒ නිසා හැමෝම බලා ගෙන හිටියා 21ට පෙර ජනාධිපතිතුමා මොකක් හරි හෙළිදරව්වක් කරාවි කියලා. අද අප්‍රේල් 21 හෙළිදරව්ව කළා ද? කරගන්න පුළුවන් වුණේ නෑ. ඒකත් ආණ්ඩුවේ තවත් එක් කඩවුණු පොරොන්දුවක් වුණා. එහෙම වුණේ ඇයි?

ආණ්ඩුව සැලසුම් කරලා තිබුණේ පිල්ලෙයාන්ව රැඳවුම් නියෝග මත රඳවා ගෙන ඉන්න අතරේ පිල්ලෙයාන් පාපෝච්චාරණ කළ විධියට තමන්ගේ හිතේ ඉන්න කෙනා මහ මොළකරු බවට ප්‍රකාශ කරන්න. ඒ නිසා තමයි පිල්ලෙයාන්ව අත්අඩංගුවට අරන් කාත් එක්කවත් කතා කරන්න නුදුන්නේ. ඒ නිසා තමයි නීතියෙන් හිමි නීතිඥවරයෙකුට සහාය ලබා ගැනීමට පිල්ලෙයාන්ට අවස්ථාව නොදුන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අත්අඩංගුවට ගැනීමට හේතුවක් දැක්වීම පොලිසියෙන් ප්‍රතික්ෂේප කළේ. ඔය අතරේ ජනාධිපති කිව්වේ අත්අඩංගුවට ගත්තේ පාස්කු දා ප්‍රහාරයට කියලා. හැබැයි කර්මාන්ත ඇමැති කියනවා පාස්කු දා ප්‍රහාරයට නොවේ මහාචාර්යවරයෙකු අතුරුදන් වීමකට කියලා. පොලිස් ඇමති පාර්ලිමේන්තුවට කිව්වේ පිල්ලෙයාන් පාස්කු දා ප්‍රහාරය ගැන වැදගත් තොරතුරු හෙළි කරමින් ඉන්නවා කියලා. ඒ පොලිස් ඇමැතිගේ ප්‍රකාශයට සමගාමීව තමයි මාලිමාවේ කුලී සමාජ මාධ්‍යකරුවන් ‘පිල්ලෙයාන් සියල්ල වමාරයි’, ‘පිල්ලෙයාන් පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධයි’ වැනි සිරස්තල හැදුවේ. ඒ වගේ ම මාලිමාවෙන් නඩත්තු වෙන පුද්ගලයන් ලවා මාධ්‍ය හමු පවත්වමින් මේ මතය සමාජගත කළා”

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading