වැඩබලන විගණකාධිපතිට දවස් 30ක්

විගණකාධිපති තනතුරෙහි වැඩ බැලිම සඳහා පත්කළ ජී.එච්.ඩී ධර්මපාල මහතා හට දින 30 සේවා දිගුවක් ලබා දී තිබෙනවා.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අනුවයි.

හිටපු විගණකාධිපති චූලන්ත වික්‍රමනායක මහතා පසුගියදා විශ්‍රාම යාමෙන් පසු එම ධූරයේ දින 14ක් වැඩ බැලිම ජී.එච්.ඩී ධර්මපාල මහතා පත් කරනු ලැබුවා.

Author

Related Posts