දෙමළ විමුක්ති කොටි සංවිධානවලට විරුද්ධව නැගෙනහිර පළාතේ මුස්ලිම් සංවිධාන ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යෑමට හමුදාව ආධාර කර ඇති බවත්, සුරේෂ් සලේ ඒ සඳහා මැදිහත් වී ඇති බවත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනක් ද සිල්වා කොමිසමට රහසිගත ප්‍රකාශයක් ලබාදෙමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා තිබේ.
ඊට අමතරව තාජ් සමුද්‍රා හෝටලයේදී බෝම්බය පුපුරුවා නොගෙන දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේදී බෝම්බය පිපිරීමෙන් මරණයට පත් වූ බෝම්බකරු වූ ජමීල් බුද්ධි අංශ සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට ඔහුට තොරතුරු ලැබී ඇති බවද කියා තිබේ.
‘සුරේෂ් සලේ මැතිතුමා මම හොඳට දන්නවා. එතුමා නැගෙනහිර ගැන කරුණු කියනවා නම් මම ඒකට ඇහුම්කන් දෙනවා මොකද 1984 ඉඳන් එල්ටීටීඊයට විරුද්ධව මුස්ලිම් කණ්ඩායම ඇති කරන එකේදී එතුමත් ක්‍රියා කරලා තිබුණා. මොකද කණ්ඩායම් ගණනාවකට ඒ ආරක්ෂක අංශවලින් ආධාර උපකාර කළා ඉතින් ඒ ගැන හොඳ දැනුමක් සලේට තිබණා. ඒ නිසා තමයි කරුණු ගැන බැලුවේ. ත්‍රස්තවාදය ැන තියෙනවා නම් මං සාමාන්‍ය යෙන් අහන්නේ කොහොමද ඒවා ගැන ඔප්පු කරන්නේ කියලා. දෙවැනි කාරණේ තිබුණේ මගෙන් ඇහුවා යද්දී අර බෝම්බ සිද්ධිය ගැන. මට විශේෂයෙන්ම එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කිව්වේ මේ දෙහිවල බෝම්බකරුත් හමුදා බුද්ධි අංශය අතරත් සාමාන්‍ය යෙන් සම්බන්ධයක් තියෙන්න ඇති කරුණු එහෙම ලබා ගන්න. මේ එක එක අයගෙන් ඒගෙල්ලෝ කරුණු ලබා ගත්තනේ ඒවා.‘
සුරේෂ් සලේ සාක්ෂ්‍ය ලබා දුන් මෙහොතේදී මිලිටරි බුද්ධි අංශ ප්‍රධානියා ලෙස තමා කී කරුණු ගණනට නොගත්තේයැයි කී ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සලේ පිළිබඳ තමා දන්නා බවත්, මාධ්‍ය නොමැති නම් ඒ ගැන කිව හැකි බවත් රනිල් වික්‍රමසිංහ කියා තිබේ. රහසිගත ප්‍රකාශය ලබා දී ඇත්තේ එයින් පසුය.
බුද්ධි අංශ මෙම කණ්ඩායම සමඟ සම්බන්ධතා පැවැත්වීදැයි විමසීමේදී කොමිසම අයිඑස් සංවිධානය සමඟදැයි විමසා තිබුණු අතර, හිටපු අගමැතිවරයා ඒ බව තහවුරු කර තිබුණි.
මීට අමතරව ඉන්දියානු මහකොමසාරිස්වරයා තමන් සමඟ කතා කළ බවත්, අවස්ථා කිහිපයකදී ඉන්දියාව මෙවැන්නක් සිදුවිය හැකි බව බුද්ධි අංශ වෙත කියා තිබෙන බවත්, එය නවත්වා නොගත් බවත් ප්‍රකාශ කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන ආකාරයට, ඉන්දියානු මහකොමසාරිස්වරයා ඔහු සමඟ කියා ඇත්තේ බුද්ධි අංශ විසින් එය බරපතල ලෙස සැලකිල්ලට නොගත් බවයි.
මේ පිළිබඳ හෙළිදරව්ව සිදු කරන ලද්දේ අප ආයතනයේ සහෝදර මාධ්‍ය ආයතනයක් වන මීඩියාඑල්කේ වෙනුවෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසිනි. ඔහුගේ සම්පූර්ණ හෙළිදරව්ව මීඩියා එල්කේ නාළිකාවෙන් නරඹන්න.
