ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක් ගෙන එන තෙක් එම පනත ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස යුරෝපා සංගමය වත්මන් රජයෙන් ඉල්ලා ඇතත්, රජය එයට ප්‍රතිචාර දක්වා නොමැති බව ඩේලි මිරර් වාර්තා කරයි.
ඩේලි මිරර් කළ විමසීමකදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කර තිබුණේ පනත ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන්නේදැයි තවම සලකා බලා නොමැති බවයි. මේ වන විටත් පුද්ගලයන් කිහිපදෙනෙකු වත්මන් ජනාධිපතිවරයාගේ අත්සනින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබා තිබේ.
ශ්‍රී ලංකාවට වෙළඳ සහන ලබා දීමේදී මෙරට ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වන බවට සහතික විය යුතු බව පෙන්වාදෙමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ යෝජනාව යුරෝපා සංගමය ඉදිරිපත් කර තිබුණි. එයට ප්‍රතිචාර ලෙස මෙරට රජය දන්වා තිබුණේ ත්‍රස්ත පනත වෙනුවට වෙනත් නීතියක් ඉදිරිපත් කරන බවය. මීට පෙර අහිමි කර තිබුණු ජීඑස්පී ප්ලස් සහනය 2017 දී යළි ලබාදුන් අවස්ථාවේදී පනත අහෝසි කරන බව පොරොන්දු වී එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණි. කෙසේ වෙතත් ජීඑස්පී ප්ලස් සහනය ලබාගැනීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා වෙනුවට එයට වඩා භයානක ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබුණි. එයට එහෙරවි මතු වූ විරෝධය හමුවේ එය සම්මත කිරීමට නොහැකි විය. 2023 දී නැවත වතාවක් පවතින පනතට වඩා භයානක පනතක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට කෙටුම්පත් කර තිබුණි.
පනත අහෝසි කිරීම සඳහා මේ වන විට රජය කමිටුවක් පත් කර ඇත.
