මේ වන විට වැඩ තහනමට ලක් වී සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණ නියෝග නොතකමින් මාතර මහේස්ත්‍රාත් උසාවියෙන් පිටව යෑම සම්බන්ධයෙන් යළිත් වරක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවීමක් කර තිබෙනවා.
රොෂාන් නමැත්තෙකුට අයත් වාහනයෙන් ඔහු පිටව යෑම පිළිබඳ අප්‍රේල් 21 වැනිදා මාතර මහේස්ත්‍රාත් උසාවියට කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ කරුණු දැක්වීම මත මෙම කැඳවීම කර තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 25 වැනිදා ඔහු අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඔහුට අමතරව අධිකරණ පරිශ්‍රයේ පොලිස් මුරපොළේ නිලධාරීන් ඇතුළු තවත් පුද්ගලයන් පෙනී සිටීමට නියමිතයි.
එදිනට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කරුණු දැක්වීමට නියමිතයි. දේශබන්දු තෙන්නකෝන් බී6314 නඩුවට අදාලවි අප්‍රේල් 10 දිනයේ ඇප ලැබූ මොහොතේදී ඔහුට ඇප ලැබීමෙන් පසු ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති බව කියමින්, අධිකරණ පරිශ්‍රය තුළට වාහනයක් ගෙන්වාගැනීමට සහ ආරක්ෂාව සපයාගැනීමට මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ල සිටියා. එයට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ වුණා. මහේස්ත්රාත්වරයාත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනුයි ඇප ලබාදුන්නේ.
මීට පෙර බී1989/25 නඩුවේ සැකකරු දේශබන්දු තෙන්නකෝන් සමඟ අධිකරණ භූමිය තුළදීම වාහනයට ගොඩ වී තිබුණා. මෙලෙස අධිකරණ පරිශ්‍රයට ඇතුළු කළ වාහනය නීතිඥවරයෙකුට අයිති වාහනයක් නොවෙයි.
අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම පිළිබඳව එහිදී විභාග කරනු ඇති.
