පාස්කු ප්‍රහාරය ගැන අහද්දි CID ආව මෛත්‍රි කළබලවෙලා ගියා

ජනාධිපති අරමුදලේ මුදල් ලබා දීමේ අක්‍රමිකතාවයක් සිදුවි තිබේනම් එය මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින් සිදුවි තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු කැඳවා තිබු අතර එයින් පිටව යන අවස්ථාවේ මාධ්‍යවෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ,

සති තුනකට පමණ පෙරත් අද පැමිණිකාරණයටම මම පැමිණියා.CID එකට පැමිණිල්ලක් ලැබිලා තියනවා ජනාධිපති අරමුදලෙන් සල්ලි දීමේ දී මහජන නියෝජිතයින්ට,මහජන නියෝජිතයින් මුදල් ලබා ගැනිමේදී නොයෙකුත් වැරදි තොරතුරු සපයලා තියනවා කියලා.වැරදි තොරතුරු සැපයු අයට වෙනම ලිපි ගොනු තියනවා..එහෙම වැරදි තොරතුරු දුන් අය සම්බන්ධයෙන් විස්තර මගෙන් ලබා ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ප්‍රකාශ කළා මගෙන් විතරක් නෙමෙයි මීට පෙර හිටපු සියලුම ජනාධිපතිවරුන් ද යම් අක්‍රමිකතා වෙලා තියනවා කියල පේනවනම් ඒ හැම ජනාධිපති කෙනෙක්ව ගෙනල්ලා පැහැදිලි කිරිමක් කරනවා කියලා..අක්‍රමිකතාවයක් වෙලා තියනව නම් ඒ හොයන එක හොදයි…අක්‍රමිකතාවයක් වෙලා තියනවනම් වෙලා තියෙන්නේ මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින්.එහෙම නැතුව ජනාධිපති වශයෙන්වත් ජනාධිපති කාර්යාලයෙන්වත් නෙමෙයි….මෙහිදී මාධ්‍යවේදියකු විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමසිමට සුදානම් වු අවස්ථාවේදී මෛත්‍රිපාල සිරිසේන මහතා යන් යන් නැ නැ… ලෙස පවසමින් එම ස්ථානයෙන් ඉවත්ව ගියා.

හිටපු ජනපතිවරයා මෙලෙස පිටත්ව ගියේ පැමිණ පැය හතකට පසුවයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading