ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකානුවන් පාරට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට විරෝධය පළ කරමින් එරට දහස් ගණනක ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

”‍විරෝධතා 50ක්, ප්‍රාන්ත 50ක්, 1 ව්‍යාපාරයක්”‍ යන තේමාව යටතේ ෆිෆ්ටි ෆිෆ්ටි වන් ලෙස නම් කර ඇති මෙම විරෝධතා මාලාව ඇමරිකානු විප්ලවවාදී යුද්ධයේ ආරම්භයේ 250 වන සංවත්සරයට සමගාමීව පවත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

පසුගිය මාසයේදී හෑන්ඩ්ස් ඕෆ් යනුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත 50 ඇතුලුව තවත් ස්ථාන 1,200 ක සහ බ්‍රිතාන්‍යයේ – ලන්ඩන් නුවර, ප්‍රංශයේ පැරිස් නුවර සහ ජර්මනියේ බර්ලින් නුවර ජනතාව විසින් ට්‍රම්ප් පරිපාලනයට විරෝධය පළ කරමින් විරෝධතා පවත්වා තිබුණා.

Author

Related Posts