පත්වීම් නෑ! පඩි නෑ! මදුරු මර්දකයන් ජංජාලයක් වෙලා! සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවක අවුල්ලු!

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

මෙම සංඛ්‍යාවෙන් කාර්යමණ්ඩල තොරතුරුවලට ඇතුළත් කර තිබුණේ තනතුරු පහක් පමණක් බවයි එම විගණන වාර්තාවෙහි සඳහන් වන්නේ. මීට පෙර රජයන් විවිධ අවස්ථාවල මෙවැනි වසංගත මර්දන කටයුතු සඳහා අවශ්‍ය දැනුම සහ පුහුණුව නොමැතිව හමුදා සහ වෙනත් කණ්ඩායම් යෙදවූ අවස්ථා තිබුණු අතර, ඒ හේතුවෙන් වසංගත පාලනය නොවී වසංගත වර්ධනය වූ අවස්ථාද පැවතුණා.

මෙම සේවකයන් සේවයේ යොදවා තිබුණේ රුපියල් 27000ක පමණ දීමනාවක් යටතේ බවද සඳහන්.

අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින රෝහල් ආයතන හා අංශවලට අදාළ 2023 ජුනි 30 දිනට අනුමත සමස්ත කාර්ය මණ්ඩලය 95950ක් හා එදිනට තත්‍ය කාර්ය මණ්ඩලය 81904 ක් වනවා.

ඒ අනුව සමස්ත කාර්ය මණ්ඩලයේ ඌණතාවය 14033ක් ලෙස පැවතුන බව වාර්තාවෙහි සඳහන් කරනවා.

මේ තොරතුරු සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාලව ඉදිරිපත් කර ඇති විගණන වාර්තාවේයි.

Author

Related Posts