බන්දුලලගෙ ඉස්කෝල වහන සෙල්ලම ඉදිරියටම! ඉස්කෝල සීයක්ම වහනවලු!

විවිධ ප්‍රදේශවල ඇති පාසැලට සිසුන් සහභාගී වීමට පොළඹවන අන්දමින් පාසල්වලට ප්‍රතිපාදන, ගුරුවරුන් සහ පහසුකම් ලබා දී සිසුන්ගේ අධ්‍යාපන අයිතිය තවුරු කිරීම වෙනුවට හුදෙකලා මට්ටමේ පවතින පාසල් ලෙස නිගමනය කොට පාසල් සියයක් වසා දැමීම පිළිබඳ ආණ්ඩුව අවධානය යොමු කර ඇතැයි වර්තා වේ.

අධ්‍යාපනය උදෙසා ඇති වියදම් කප්පාදු කරමින් මෙරට පාසල් සංඛ්‍යාව අඩු කිරීම සඳහා මීට පෙර ආණ්ඩු විසින්ද ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයෑමක් බව මේ පිළිබඳ අදහස් දක්වන්නෝ පවසති.

සිසුන් දහයකට අඩු පාසැල් සංඛ්‍යාව මේ වන විට 500 ඉක්මවා තිබෙන අතරින් පාසල් විශාල ප්‍රමාණයක් සිසුන් දෙතුන්දෙනෙක් පමණක් සිටින පාසල් බවට පත්ව ඇත. හුදෙකලා තත්වපෙවතින මෙම පාසල් වසා දමා ඒවායේ සිසුන් පහසුකම් සහිත පාසල්වලට අනුයුක්ත කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අමත්‍යාංශය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන්නේ එම පාසල්වල සිසුන්ට අසාධාරණයක් සිදුවීම වැළැක්වීම උදෙසා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත.

සිසුන් අඩු පාසල් සෙසු පාසල්වලට අනියුක්ත කිරිමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යාපන කලාප කිහිපයක් උපයෝගී කරගනිමින් නියමු ව්‍යපෘතියක් ක්‍රියාත්මක කෙරෙන බවත්, කොළඹ දිස්ත්‍රික්කයේ පැවති කුඩා පාසල් කිහිපයක් වසා දමා ඒවායේ සිසුන් දැනට වෙනත් පාසල්වලට අනියුක්ත කර තිබෙන බවත් වාර්තා වෙයි.

මේ පිළිබඳ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්ගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.

‘මේගොල්ලන්, මේ සැරේ අයවැයෙන් වෙන් කරනවා රුපියල් මිලියන 500ක්. ඒ පාසැල් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට කියලා. එවැන්නක් කරනවා නම් ඒවා සාකච්ඡා කිරීමෙන් පසුව කළ යුතුයි. පාසල් 10,121 අතර සිසුන් 50ට අඩු 1500ට වඩා තියෙනවා. ළමයි 100ට අඩු පාසල් 3000ක් තියෙනවා.

පාසල් වසා දැමීම බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයාව සිටි සමයේ සිට ආ ව්‍යපෘතියක්. පාසල් 5000- 6000 අතර ප්‍රමාණයක් තිබුණාම ඇති කියලා එකල කීවා. ද්විතීයක පාසල් 1000යි- ප්‍රාථමික පාසල් 5000යි දක්වා අඩු කරන්න යෝජනා වුණා.

අයවැය විවාදයේදී නලින් හේවගේ මන්ත්‍රීවරයා කිව්වා පාසල් සංඛ්‍යාව රටේ වැඩියි කියලා. ළමයි 800ක් ඉන්න පාසල් 5000ක්  හදාගත්තාම ඇති කියලා කිව්වා. මේ සියල්ල මුට්ටිය දමා බැලීමක්.

ලංකාවේ පාසල් හැදිලා තියෙන්නේ හැම ළමයෙකුටම අධ්‍යාපනය අයිති වන නිසා. අවිචාරවත්ව පසුගිය කාලයේ ව්‍යාපෘති ඉදිරියට ගෙනයෑමේ තේරුමක් නැහැ. තියෙන දේ ඉදිරියට ගෙනයෑම වෙනුවට සම අවස්ථාව දරුවන්ට ලබා දීම ගැන තමයි බලන්න තියෙන්නේ.

පාසල් හැදිලා තියෙන්නේ අවශ්‍යතා මත. විවිධ ප්‍රදේශ, ගමනාගමන පහසුව ආදිය මත. ළමයින්ව ලොකු ඉස්කෝලවලට යැවීම වාසිදායක බව තමයි කියන්නේ. ඒත් එහෙම කීවාට සාර්ථක වෙන්නේ නෑ.‘

Author

Related Posts