සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලය දැනුම් දෙනවා.
යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කොට මිසයිල ප්‍රහාර එල්ල විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් යොමු කරමිනුයි තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
හෙට සිට අප්‍රේල් 26 වනදා දක්වා එරට ප්‍රදේශ කිහිපයක අවුරුදු උත්සව ඇතුලු විවිධ ඉසව් සංවිධාන කර තිබෙනවා.
එම අවුරුදු උත්සව පැවැත්වෙන ස්ථාන විවෘත ප්‍රදේශයන් බැවින් හදිසි අවස්ථාවකදී ආරක්ෂා වීමට අවශ්‍ය උපදෙස් පිළිපදින ලෙස ඊශ්‍රායලයේ තානාපති කාර්යාලය දැනුම් දෙනවා.
