දළඳා වන්දනාවට විශේෂ ආරාධනා නෑ! සමාජ මාධ්‍යවල යන්නේ බොරු ආකෘතියක්! රජයෙන් නිවේදනය කරයි

ශ්‍රී දළඳා වන්දනාවට අදාලව නිකුත් කළ විශේෂ ආරාධනාවක් යනුවෙන් සමාජ මාධ්‍යවල හුවමාරු වන්නේ ව්‍යාජ ලෙස සකස් කරන ලද ආකෘතියක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැහැදිලි කරනවා.

රජය විසින් එවැනි ආරාධනාපත්‍රයක් නිකුත් කර නොමැති බව අප්‍රේල් 18 දිනැතිව නිවේදනය නිකුත් කරමින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් එච්.ඒ.කේ.ජේ. බණ්ඩාර පවසනවා.

ඔහු ඉල්ලා ඇත්තේ, සිරි දළඳා වන්දනාවේ පූජනීයත්වය සුරැකෙන ලෙස කටයුතු කරන බවයි. කෙසේ වෙතත් සමාජ මාධ්‍යවල මෙවැනි සිදුවීම්වලදී හාස්‍ය රසය වෙනුවෙන් පැරඩි නිර්මාණ සහ හාස්‍යමය නිර්මාණද සිදු කෙරෙනවා. දළඳා ප්‍රදර්ශනයට සමගාමීව විවිධාකාර අදහස් සමාජ මාධ්‍යවල හුවමාරු වීම සාමාන්‍ය තත්වයක් සේ සැලකිය හැකියි.

රජය ප්‍රකාශ කර ඇති ආකාරය අප්‍රේල් 18 වැනිදා සිට ආරම්භ වූ දළඳා වන්දනාව නැරඹීමට හැකි වන්නේ එකම ආකාරයට පෝළිම්වලින් පැමිණ. එලෙස පැමිණෙන පුද්ගලයන්ට පහසුකම් සහ ආරක්ෂාව සලසා ඇති බවද රජය තහවුරු කරනවා. කෙසේ වෙතත්, මහනුවර ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැල් වසා දැමීමට සහ මත්පැන් පරිභෝජනය සීම කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. සිවිල් ඇඳුමෙන් මත්පැන් විකිණීම නැවැත්වීම පිණිස සිවිල් ඇඳුමෙන් සැරසුණු සුරාබදු නිලධාරීන් 200කට අධික සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.

මේ වන විට මහනුවර දක්වා විශේෂ දුම්රිය 13ක් ඇතුළු ප්‍රවාහන පහසුකම් සලසා තිබෙනවා. මීට අමතරව මහනුවර නගරයේ සිට කටුගස්තොට පාලම දක්වා කිලෝමීටර් 4ක පමණ දිග වාහන තදබදයක්ද වාර්තා වෙනවා. එම නිසාම මහනුවර හරහා වැටී ඇති මාර්ග පාවිච්චි කරන පුද්ගලයන්ට මහනුවර නගරය මඟහැර විකල්ප මාර්ග පරිහරණය කරන ලෙස ඉල්ලා තිබෙනවා. අප්‍රේල් 18  වැනිදා පස්වරු 3.30 සිට 5.30 දක්වා දළදා ප්‍රදර්ශනය සිදු කෙරෙනවා. එයින් පසු අප්‍රේල් 27 දක්වා සෑම දිනකම දහවල් 12 සිට පස්වරු 5.30 දක්වා දළඳා ප්‍රදර්ශනය සිදුකෙරෙනවා.

Author

Related Posts