අහුන්ගල්ලේ පාසලක් ඉදිරිපිට අද (17) වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
වෙඩි වැදීමෙන් 28 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බව වාර්තා වෙන්නේ.
