මන්නරාම සහ රාමේෂ්වරන් අතර පාරු යාත්‍රා සේවය නැවත ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මන්නාරම ජනරැළියක් අමතමින් පැවසීය.
අප්‍රේල් 17 වැනිදා පැති එම රැස්වීමේදී ඔහු තහවුරු කළේ ඉන්දීය රජය සමඟ එම යාත්‍රා සේවය ආරම්භ කිරීමට සාකච්ඡා කරන බවයි.
1914 සිට 1964 දක්වා ක්‍රියාත්මක වූ මෙම යාත්‍රා සේවාව මුලින්ම අත්හිටුවනු ලැබුවේ ධනුෂ්කොඩි ප්‍රදේශයට බලපෑ මාරාන්තික සුළි කුණාටුවක් හේතුවෙනි. එයින් පසු 1969 සහ 1984 අතර කෙටි කාලයක් සඳහා සේවා නැවත ආරම්භ කළද, ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුම් උත්සන්න වීමත් සමඟ ඒවා නැවත වරක් නතර විය. මෙම සේවාව දශක හතරකට වැඩි කාලයක් අක්‍රියව පැවතුණි.
කෙසේ වෙතත් මෑතකාලීනව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගණනාවකදී මෙම සේවය ආරම්භ කිරීම ගැන අවධානය යොමු කර තිබුණි. මේ වන විට රාමේෂ්වරන්හි මේ වෙනුවෙන් තොටුපොළක් ඉදිකිරීම සඳහා එරට රජය විසින් පර්යේෂණද පවත්වා තිබේ. ඔවුන් නවීන පහසුකම් සහිත තොටුපොළක් ස්ථීරව ඉදි කිරීමට පෙර තාවකාලික තොටුපොළක් ඉදිකොට සේවා ඇරඹීමට සාකච්ඡා කර තිබේ.
මෙම පාරු සේවය ලංකාව සහ ඉන්දියාව අතර සංචාරකයන් හුවමාරුව, සංස්කෘතික සම්බන්ධතා, ආගමික සම්බන්ධතා මෙන්ම වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කිරීමට හේතු වනු ඇතැයි අනුමාන කෙරේ.
ජනාධිපති දිසානායක මහතා මන්නාරමේදී ජනතාව ඇමතූ අවස්ථාවේදී උක්ත සේවාව අරම්භ කිරීමට අමතරව යුද්ධ සමයේදී ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගත් ඉඩම් නිදහස් කිරීමටත්, වසා දමා ඇති මාර්ග නැවත විවෘත කිරීමටත්, අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම සහ කෘෂිකාර්මික කටයුතු පුනර්ජීවනය කිරීමටත් ජනතාවට පොරොන්දු විය.
