පිරිවැය පහළයාමක් නොමැතිව තවදුරටත් විදුලි ගාස්තු අඩුකිරීම මගින් ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ක්‍රියාකාරිත්වය විශාල ලෙස අඩපණ විය හැකි බව ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරනු ලැබූ වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වනවා.
මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දී විදුලි ගාස්තු 20%කින් පහළ දමමින් ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබූ අතර එවැනි සංශෝධනයක් කෙතරම් දුරට පිරිවැය පිළිබිඹු කරනුයේ ද යන්න පිළිබඳව අවිනිශ්චිතතා ඇතිවී තිබෙන බවද මෙකී වාර්තාවේ සඳහන්.
ඉකුත් වර්ෂයේ දී (2024) දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කෙරුණා.
මාර්තු මාසයේ දී 21.9% කින් හා ජුලි මාසයේ දී 22.5% කින් විදුලි ගාස්තු අඩුකරනු ලැබුවා.
මේ අයුරින් විදුලි ගාස්තු අඩුකිරීම හේතුවෙන් වසර අවසාන භාගයේ දී මාසිකව උපයන ලද ලාභය සැලකිය යුතු අයුරින් පහත වැටී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වනවා.
කෙසේවෙතත් විදුලිබල මණ්ඩලය ඉකුත් වර්ෂයේ දී රුපියල් බිලියන 148.6ක ලාභයක් ලබා ගෙන තිබෙනවා.
විදුලි මිල පිළිබඳ දශක කිහිපයක් පරණ, අයිඑම්එෆ් සහ වොෂිංටන් මූලධර්ම මත පදනම් වූ සංකල්ප ටිකක් මෙවරද මහබැංකුව සිය වාර්තාවට ඇතුළත් කර තිබෙනවා. ලොව බලශක්ති පිරිවැය පිළිබඳ නවීන සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ජනතාවාදී අදහස් වෙනුවට ‘පිරිවැය ගැලපුම‘ පිළිබඳ පැරණි අදහස් මෙවරද මහබැංකු වාර්තාවට ඇතුළත්. ඒ අනුව ජනතාවට සැලකිය යුතු විදුලි මිල අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. විදුලි මිල ජනතාවගේ ජීවන වියදමෙහි ඉහළම පංගුවක් නියෝජනය කරනවා. එය දැරිය නොහැකි තරම් වන අතර, විශාල පිරිසක් විදුලි පරිභෝජන අත්හැරීමටත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දුර්වල වී ඇතැම් ඒවා කඩාවැටීමටත් මෙම සංකල්ප හේතු වී තිබෙනවා.
වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ වැඩිදුරටත් මෙලෙස සඳහන් වනවා>

