පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සඳහා ලබා දී තිබූ කාලය දෙසැම්බර් 31 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කරනවා.
ඒ අනුව, රුපියල් මිලියන 25 ට අඩු ණය ලබාගෙන ඇති ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 31 වන දා දක්වා සහන කාලය දීර්ඝ කළ බව එම නිවේදනයේ සඳහන්.
එමෙන් ම, රුපියල් මිලියන 25 ත් 50ත් අතර ප්‍රමාණයක් ණය ලබාගෙන ඇති ව්‍යවසායකයින්ට 2025 සැප්තැම්බර් 30 දක්වා කාලය දීර්ඝ කෙරේ.
මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, රුපියල් මිලියන 50 ඉක්මවන ණය ලබා ගෙන ඇති ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 ජුනි 30 දක්වා කාලය දීර්ඝ කළ බව යි.
කෙසේ වෙතත්, මෙම සහන කාලය 2025 මාර්තු 31 වන දිනට පෙර බැංකු සමග සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් ලබා ගත හැකි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.
