පාස්කු ප්‍රහාරයට බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්ත  පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

2018 වසරේ නොවැම්බර් මාසයේදී මඩකලපුව- වව්නිතව්  ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය වීමේ සිදුවීමට අදාළ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් වන චෝදනා හේතුවෙන් මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

Author

Related Posts