හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී අඹුසැමි යුවළකට වෙඩිතබා එහි පිරිමි පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 03 වනදා රාත්‍රියේ මාර්ගය අසල රැඳී සිටි කාන්තාවකට හා පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස වෙඩිතබා තිබූ බව පොලිසිය පැවසුවා.
එම වෙඩිතැබීමෙන් පිරිමි පුද්ගලයා මියගිය අතර කාන්තාව තුවාල ලබා තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය හා ගාල්ල අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන පවත්වනු ලැබුවා.
ඒ අනුව මෙම වෙඩිතැබීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඊයේ (07) නීතිඥයෙකු මාර්ගයෙන් ගාල්ල අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණා
සැකකරු වයස අවුරුදු 26ක් වන දොඩම්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුව අද දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 01ක් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර ගාල්ල අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
