පෙට්‍රල් නැව් පහක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට

2025-04-15 සිට 2025-10-14 දක්වා මාස (06) ක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5%ක් බැගින් වූ නැව් තොග 05 ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබෙනවා.

ඒ සඳහා සැපයුම්කරුවන් 07 දෙනෙකු ලංසු ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති අවම ලංසුකරු වන සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd, වෙත එකී ප්‍රසම්පාදනය පිරිනැමීමට නියමිතයි.

ඒ අනූව මේ සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

Author

Related Posts