සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මඩකලපුවේදී අත්අඩංගුවට අරන් තිබෙනවා.
මඩකලපුව ප්‍රදේශයේදී ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව කොළඹ වෙත රැගෙන එමින් පවතින බව වාර්තා වෙනවා.
ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතුව අප වාර්තා කරන මොහොත තෙක් නිශ්චිතව තහවුරු වී නැහැ. කෙසේ වෙතත් පුද්ගලයෙකු අතුරුදන් කිරීමේ සිදුවීමකට අදාලව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව අප කළ විමසීම්වලදී පොලිස් ආරංචිමාර්ග පැවසුවා. එම පුද්ගලයා කවුදැයි තවමත් නිශ්චිතව තහවුරු වුණේ නැහැ.
වත්මන් ආණ්ඩුව බලයට පත් වූ විගස මෙරට ආන්දෝලනාත්මක සිදුවීම් හතක විමර්ශන කඩිනමින් ආරම්භ කර ඇතැයි, එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසූවා. ඒ සිදුවීම් අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, දිනේෂ් ෂාෆ්ටර් මියයෑම ඇතුළු සිදුවීම් කිහිපයක් පැවති අතර 2007 වර්ෂයේදී නැගෙනහිර විශ්වවිද්‍යලයේ උපකුලපති රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීෆම් සිදුවීමත් පැවතුණා. එය පිල්ලෙයාන් කණ්ඩායම සහ හමුදා බුද්ධි අංශ විසින් සිදුකළ පැහැරගැනීමක් බවට සැක පැවතුණා.
මීට අමතරව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහරයට අදාලවත් පිල්ලෙයාන්ව ප්‍රශ්න කර තිබුණා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාළිකාව විකාශය කළ වැඩසටහනේදී අසාද් මවුලානා නම් ඔහු යටතේ සේවය කළ පුද්ගලයෙකු හෙළිදරව් කරන ලද කරුණු සම්බන්ධයෙන් මීට පෙර පිල්ලෙයාන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර තිබුණා. ඒ, 2024 නොවැම්බර් 22 වැනිදායි.
අසාද් මවුලානා හෙළිදරව් කර තිබුණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ කණ්ඩායම සහ පිල්ලෙයාන් අතර සම්බන්ධතා පැවති බවත්, හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ ඇතුළු පිරිස් සමඟද එම කණ්ඩායම සම්බන්ධතා පැවැත්වූ බවත්.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරියේදී නව කරුණු හෙළිදරව් කරන බව පසුගියදා මැතිවරණ වේදිකාවදී ජනාධිපති අනුර කුමාර දිසානායක පොරොන්දු වී තිබුණා.