තමා ‘සිරි දළදා දැක්ම’ ධාතු ප්‍රදර්ශනය ඉලක්ක කර ගනිමින් මුදල් එකතු කර ගැනීමක් සිදු නොකළ බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි මහතා පවසනවා.
වැසිකිළි පහසුකම් සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම United Global Sri Lankan Organization සංගතමය විසින් කරගෙන යනු ලැබූ සත්කාරයක් බව තිලකසිරි මහතා පැවසුවේ මෙම චෝදනා සම්බන්ධව පැමිණිලි කිරීමට අද (07) CID යට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්,
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
” මගෙන් ව්මසුවේ නෑ. ඒක පාර්ශ්වික විදිහට මේ මාධ්‍යට මුදා හැරියේ ‘සුදා පල් හොරෙක්’ කියලා. එතකොට දිගටම මේකට මට විරුද්ධව තනි පුද්ගලයෙක්ව එල්ල කරගෙන මඩ ප්‍රහාරය යනවා. United Global Sri Lankan Organization කියන්නේ සංගමයක්. දළඳා වහන්සේ ඉලක්ක කරගෙන අපි මුදල් එකතු කරන්න ගියේ නෑ. මේක අපේ සංගමය විසින් කරන්නා ගිය සත්කාරයක්. ටොයිලට් 50ක් 144,000කට වැසිකිළි පහසුමක් හදලා දෙන්න තමයි අපේ උත්සහය තිබ්බේ. මේක තනි නිර්මාණයක් නෙවෙයි මේක ඒ කමිටුත් එක්ක නුවර ප්‍රදේශයේ භාර දිසාපතිවරයා, ප්‍රදේශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, මාළිගාවේ නියෝජිතයෙක්, නගර සභාවේ ඉංජිනේරුවරු ඒ ඔක්කොම මහත්වරු ඇවිල්ලා නියෝජිතයෝ ගිහිල්ලා සාකච්ඡා කරලා ඒ සඳහා නිර්මාණය වූවක් මිස මේ සුදත්ත තිලකසිරිගේ තනි නිර්මාණයක්, තනි වැඩක් නෙවෙයි…
