ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතභේදාත්මක ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් අප්‍රේල් 06 සෙනසුරාදා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ නගර ගණනාවක අති දැවැන්ත විරෝධතා පවත්වා තිබුණි.
ට්‍රම්ප් විසින් ලෝකයට එල්ල කළ බදු ප්‍රහාරයත්, එයින් පසු ඇතිව තිබෙන වෙළඳ යුද්ධයත් මෙන්ම ට්‍රම්ප් විසින් ආයතන වසා දැමීමත්, සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමත්, ඔහුගේ ප්රතිගාමී අදහස් පද්ධතියත් එලෙස විරෝධයට ලක් විය.
‘හෑන්ඩ්ස් ඕෆ්‘ යන සටන්පාඨය යටතේ ඇමෙරිකානු ප්‍රාන්ත පුරා විරෝධතා 1400කට මිලියන 6ක විතර ජනතාව සහභාගී වී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
සිවිල් අයිතිවාසිකම් සංවිධාන, වෘත්තිය සමිති, අනෙකුත් වෘත්තික සංවිධාන ඇතුළු කණ්ඩායම් 150 කට අධික සන්ධානයක් විසින් සංවිධානය කරන ලද විරෝධතාකරුවන් රාජ්‍ය අගනගර, ෆෙඩරල් ගොඩනැගිලි, කොංග්රස් කාර්යාල, සමාජ ආරක්ෂණ පරිපාලන මූලස්ථාන, නගර ශාලා සහ පොදු උද්‍යානවලට රැස්ව සිටියෝය. ප්‍රධාන නගර ගණනාවක් වැසී යන තරම් ජනතාව එකතු වී තිබුණි.
බොහෝ විරෝධතාකරුවන් ඇමෙරිකාව ලෝකය පීඩාවට පත් කරන ඒකාධිකර රාජ්‍යයක් නොවිය යුතු බවට සටන්පාඨවලින් කීහ. එහෙත් ට්‍රම්ප් රජය ප්‍රතිචාර ලෙස කියා තිබුණේ, තම ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කිරීම නොනවත්වන බවය.
ඇමෙරිකානු දේශපාලනය දැවැන්ත ධ්රැවීකරණයකට ලක්ව තිබේ. එනම්, ට්‍රම්ප්ට දැඩිව පක්ෂපාතී මිලියන ගණනක් ජනතාව මෙන්ම ට්‍රම්ප්ට දැඩිව විරුද්ධ මිලියන ගණනක ජනතාවක් ලෙස ඇමෙරිකාව දැවැන්ත මතභේදයක සිටී.
මෙවැනි මතභේදාත්මක පසුබිමක විරෝධතා නොතකා ට්‍රම්ප් රජය ඉදිරියට යෑමට උත්සාහ කරනු ඇති බව විශ්ලේෂක මතයයි.


