පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව ඊයේ (05) විවෘත කෙරුණා.
ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර කුමාර දිසානායකගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර, එම ව්‍යාපෘතිය සහ සංකීර්ණය නම් කර තිබූ ” ප්‍රභාෂ්වර ” යන නම වෙනස් කිරීම සම්බන්ධයෙන් විමතිය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සිය X ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා
ඔහු සඳහන් කර ඇත්තේ දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව නිල වශයෙන් විවෘත කිරීම සම්බන්ධයෙන් තමාට දැනුම් දීමටවත් කිසිවෙකු ආචාරශීලී නොවී ඇති බවයි.
උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවකින් යුත් දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය ආරම්භ කළේ සිය පාර්ශවය බවත් වැඩ අවසන් කර ගැනීම සඳහා විපක්ෂ මන්ත්රීවරයෙකුව සිටියදී පවා තමන් දැඩි වෙහෙසක් ගත් බවත් ඔහු එම සටහන මඟින් පෙන්වා දී තිබෙනවා.
හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ, මේ වෙනුවෙන් අනුර කුමාර දිසානායක ප්රමුඛ රජය විසින් සමරු පළකය සකස් කිරීමේ කාර්යය පමණක් ඉටු කර ඇති බවයි.
