නාමල්ගේ නීතිඥභාවය ගැන පරීක්ෂණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නීතිඥභාවය වංචනිකව ලබාගෙන ඇද්ද යන්න පිළිබඳ ව විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් නාමල් රාජපක්ෂගේ නිතීඥභාවය ලබාගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ බවයි සඳහන් වෙන්නේ.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය ලබාගැනීමට අදාළ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගයට මුහුණදීමේ දී වංචාවක් සිදුකර ඇද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවත්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලේඛන පරීක්ෂා කරමින් එම විමර්ශනය දියත් කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දන්වා තිබෙනවා.

අල්ලස හෝ දූෂණය පිටුදැකීමේ පුරවැසි බලය විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබුණා.

Author

Related Posts