2008 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමට අදාළව හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22දෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ජනාධිපති අරමුදලින් මෙම මුදල් ලබා ගැනීමට අදාළව පවත්වාගෙන ගිය ගොනු 22 ක් විමර්ශන නිලධාරින් භාරයට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
එම ගොනු වලට අදාළව හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22දෙනා විසින් විවිධ මුදල් ප්‍රමාණයන් වශයෙන් රුපියල් කෝටි 10 කට අධික මුදලක් ලබා ගෙන ඇති බවට අනාවරණය වී තිබුණා.
එමෙන්ම එම මුදල් ලබා ගැනීමේදී යම් අක්‍රමිකතාවයක් සිදුව ඇත්ද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
ඒ අනුව සිදු කරගෙන යනු ලබන විමර්ශන වලට අදාළව ජනාධිපති අරමුදලේ ගිණුමෙන් නිකුත් කරන ලද චෙක්පත් පිළිබඳ විස්තර ලබා ගැනීම සඳහා විමර්ශන නිලධාරින් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඊයේ(02) දින නියෝගයක් ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති අරමුදල ගැන CID පරීක්ෂණ
