ගිවිසුම ගහන්න ඕන්නම් අපේ ගාණට එන්න-අනුර අදානිගෙන් ගේම ඉල්ලයි

අදානි සමඟ කුමන වු ගිවිසුමක් ගසා තිබුණද තම රජය පවසන ගණනට ඒනතුරු සුලං විදුලි බලාගාරයේ ඉදි නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මාතර දෙවියන්දර ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

හිටපු ජනාධිපතිවරයා විසින් සුළං විදුලි ඒකකයක් රුපියල් 25 කට ශ්‍රී ලංකා රජයට අලෙවි කිරීමට අදාල ගිවිසුම ගසා ඇති බවත්, එම ගිවිසුම අනුව කටයුතු කරන ලෙසද පවසා තිබෙන බවත් අනුර කුමාර මහතා පැවසුවා.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා විසින් මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය නතර කිරීම අපරාධයක් ලෙස පවසා තිබුණද, එවැනි මිල ගණන් යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කිරීම ඊටත් වඩා අපරාධයක් බව ජනාධිපති දිසානායක මහතා පෙන්වා දෙනවා.

“සුලං බලයෙන් විදුලිය හදන්නා බලාගාරෙකට දුන්නා, ඒගොල්ලො විදුලිය හදලා අපිට විකුණනවා. විදුලි බල මණ්ඩලයෙන්, අපි ගිවිසුම අත්සන් කළා ඩොලර් ශත 4.58යි, ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් 13 ශත 50ක වගේ ප්‍රමාණයක. ඒගොල්ලෝ විදුලිය හදලා අපිට යුනිට් එකක් දෙනව 13.50ට, හැබැයි හිටපු ආණ්ඩුව ඒ විදියටම සුළං බලාගරයක් දීලා තියෙනව, ඒගොල්ලෝ විදුලිය හදලා අපිට ඒකකයක් දෙන්නේ ඩොලර් ශත 8.26යි ඒකියන්නෙ රුපියල් 25යි..කොහොමද ආණ්ඩු මේව තමයි ආණ්ඩු.මන් දැක්කා හිටපු ජනාධිපති තුමා කියනවා කොහාම හරි ඒක කරන්නලු.අපි කියන ගාණට එනකන් කරන්නේ නැහැ‍මොන ගිවිසුම ගහලා තිබුණත්…..ඉස්සර 13 හදන්න පුලුවන් කම තියන් 25ට ගන්නවා.ඉතුරු දොළහ ඒගොල්ලො ඒ ගොල්ලො අතරෙ බෙදෙනවා.විදුලි ඒකකයකට …..

ජනාධිපතිවරයා විසින් මෙම අදහස් පළ කරනු ලැබුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 04 වන දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත පසුබිමකයි.

Author

Related Posts