රාජපක්ෂ ඉතිහාසය ගැන නාමල්ට කළකිරිලද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට පෞද්ගලික ගැටලුවක් ඇති බව තමන්ට පෙනෙන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මිට පෙරද නීති ක්ෂේත්‍රයේ සිටි අය පිළිබඳව ආණ්ඩුවට පෞද්ගලික ප්‍රශ්න තිබූ බවත් එලෙස පොලිස්පතිවරයා සම්බන්ධයෙනුත් ගැටලුවක් ඇතිනම් ඒ පිළිබඳව ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව ඊයේ (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළා.

රාජපක්ෂ ඉතිහාසය තුළත් යම් නිලධාරින් සම්බන්ධයෙන් ගත් දේශපාලන තීන්දු වැරදි බවත් එම වැරදිවල ඵල විපාක පක්ෂයක් ලෙස අදටත් විඳින බව නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

රාජපක්ෂ ආණ්ඩු සමයේදී අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයකින් ඉවත් කිරිමට ගත් තීන්දුවද වැරදි තීරණයක් බවත් එවැනි ආකාරයෙන් රාජපක්ෂ ආණ්ඩුව කළ පෙර වැරදිම වත්මන් ආණ්ඩුවද සිදු නොකළ යුතු බව එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් මහතා පැවුසවා.

එහිදි මාධ්‍යෙව්දීන් විමසා සිටියේ ඔබේ ආණ්ඩුව යටතේ රටේ අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් කටයුතු කරමින් හිටිය ඇයට අවස්ථාව දුන්නේ නැහැ නේද”යන්නයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,

“පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුවට පෞද්ගලික ප්‍රශ්නයක් තියෙන බවට පේනවා.ඒ වගේම තමයි මීට පෙරත් නීතී ක්ෂේත්‍රයේ ඉන්න අය පිළිබදවත් ආණ්ඩුවට පෞද්ගලික ප්‍රශ්න තිබ්බා. ඒ අය ගැනත් නොයෙක් කටකතා තිබ්බා. ආණ්ඩුවට පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවනම් ඒකට ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න පුළුවන්. එක පැත්තකින් ඔහු සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් යනවා. නඩුවේ වැරදිකාරයා බවට පත් වුණොත් කොහොමත් ජනාධිපතිවරයාට පොලිස්පතිවරයාව ඉවත් කරන්න පුළුවන්….
අපි අදටත් විශ්වාස කරනවා, අපෙ ඉතිහාසයේ යම් නිලධාරින් සම්බන්ධයෙන් ගත්ත දේශපාලන තීන්දු වැරදි. ඒ වැරදිවල ඵල විපාක අපි පක්ෂයක් විදිහට අදටත් විඳිනවා. ඒ හින්දා ඉදිරි කාලසීමාව තුළ නිලධාරියෙක් ඉලක්ක කරගෙන දේශපාලන තීන්දුවක් ගන්න පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරනවනම් ඒකට අපි පෞද්ගලිකවත්, පක්ෂවත් අපි එකඟ වෙන්නේ නැහැ. අපේ ආණ්ඩුවෙත් අග්‍රවිනිශ්යකාරිය සම්බන්ධයෙන් ගත්ත තීන්දුව නොවුනනම් කියන මතයෙන් මම ඉන්නේ. ඒක තමයි මම කියන්නේ අපි කරපු වැරදි මේ අය නොකර ඉන්න ඕනේ.ඒ වැරැද්ද ඒ විදිහටම කරනවනම් ඒක හරි නෑ”

Author

Related Posts