ඇප ලැබුනට චාමර ඇතුලට

නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අනුව චාමර සම්පත් දිසානායක මහතා අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.


චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස 2016 වසරේ කටයුතු කළ සමයේ ඌව පළාතේ පෙරපාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමට බව පවසමින් රාජ්‍ය බැංකු 3කින් මුදල් ඉල්ලා තිබෙනවා.

එහිදී ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 10ක් සහ මහජන බැංකුවෙන් රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති අතර ඔහු එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ (චාමර සම්පත් පදනම) ගිණුමට බැර කරගෙන පුද්ගලික පරිහරනය සඳහා යොදාගෙන ඇති බව සඳහන් වනවා.

කෙසේවෙතත් තෙවන බැංකුව වන ජාතික ඉතිරි කිරිමේ ගිණුමෙන් මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී මුදල් ලබාදීම එම බැංකුව ප්‍රතික්ෂේප කර ඇති අතර එහිදී චාමර සම්පත් දසනායක මහතා විසින් ඌව පළාත් සභාවට ඇති ස්ථාවර තැන්පතු ගිණුම් 6 එම බැංකුවෙන් ඉවත් කරගෙන තිබෙනවා.

මෙමගින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදුව ඇති බව පවසමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු ගොනුකර තිබෙනවා.

අදාළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව පළමු චෝදනා 2 සඳහා චාමර සම්පත් දසනායක මහතාට ඇප හිමි වුවද තුන්වන චෝදනාවට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඒ අනුව ඇප ලබාදීමේදී චාමර සම්පත් දසනායක මහතාට රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර 2ක් මත මුදාහැරීමට අධිකරණයෙන් නියම කර තිබෙනවා.

තුන්වන චෝදනාව සඳහා වරදකරු කරමින් චාමර සම්පත් දසනායක මහතා එළඹෙන අප්‍රේල් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

2016 වසරේදී සමන්ත විද්‍යා රත්න මහතා විසින් මෙම චෝදනා තුන සහිතව පැමිණිල්ල ලියා දී තිබුණා.

චාමර සම්පත් දසනායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනි සිටි අතර අල්ලස් කොමිසම වෙනුවෙන් සහකාර නීති අධ්‍යක්ෂක සුලෝචනා පෙනිසිටියා.

Author

Related Posts