මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) පස්වරුවේ දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අදාළ ස්ථාවරය දැනුම්දෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මෙරට යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ලකරමින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට සම්බාධක පනවන බව එක්සත් රාජධානිය පෙරේදා (24) නිවේදනය කළා.
ඒ අනුව හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සහ කලක් LTTE සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන සිව්දෙනාට මෙලෙස සම්බාධක පැනවුවා.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ත්රස්තවාදයට එරෙහි මානුෂිය මෙහෙයුමේදී දැවැන්ත කාර්යයක් ඉටුකරමින් 58 වැනි සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස ක්‍රියා කළා.
පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය
