නුවරළිය තැපැල් කාර්යාලය පෞද්ගලිකකරණය කිරීමට එරෙහිව අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවලදී , නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුව සතුව තබාගනිමින් දියුණු කිරීම රජයේ අභිප්‍රාය බව දැනුම් දීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පැවසීය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුවමෙ පාලනය යටතේ පවත්වාගෙන යන බවය.
නුවරඑළිය තැපැල් කාර්යාලය පෞද්ගලික අංශයට පවරන බව මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතා බලහත්කාරයෙන් සහ තර්ජනාත්මකව ප්‍රකාශ කර තිබුණු අතර එයට එරෙහිව තැපැල් වෘත්තිය සමිති සහ නුවරඑළිය ප්‍රදේශවාසීන් ඒකාබද්ධව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් මෙසේ කීය.
‘නුවරඑළිය තැපැල් දෙපාර්තමේන්තුවෙන් ගලවලා විකුණන්න තීරණය කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. අපි තීන්දු කළා නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුව යටතේම තිබිය යුතුයි. තැපැල් සේවාව පවත්වාගෙන යමින් සංචාරකයන් ආකර්ෂනය කරගැනීමේ හැකියාව පවතින තැපැල් කාර්යාල කිහිපයක් තියෙනවා. ඒ තැපැල් කාර්යාල තැපැල් සේවාව පවත්වාගෙන යන අතරතුර සංචාරක ආකර්ෂණීය ස්ථාන බවට පත් කරගැනීම සඳහා වන සැලසුමක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් තැපැල් කාර්යාල විකිණීමට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතිනව. අපි අධිකරණයට දැනුම් දෙනවා තැපැල් දෙපාර්තමේන්තුව සතුව තබාගනිමින් දියුණු කිරීම තමයි අණ්ඩවේ අබිප්‍රාය කියලා. මේකට නාගරික සංවර්ධන අධිකාරිය සහ සංචාරක මණ්ඩලය තාක්ෂණික උපදෙස් දීමට සූදානම්.‘
නුවරළිය තැපැල් කාර්යාල ගැන ආණ්ඩුවේ තීරණය
