දුම්රිය මගී ගුවන් පාලමක් කඩාවැටිලා

එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද (26) රාත්‍රියේ කඩාවැටී තිබෙනවා.මේ හේතුවෙන් මරදාන සිට ගාලු දෙසට ගමන් ගන්නා මාර්ගය මෙලෙස අවහිර වි තිබෙන බවයි පැවසෙන්නේ.ගාල්ල දෙසට දුම්රිය ධාවනය වී මඳ වේලාවකට පසු මෙම පාලම කඩාවැටී තිබුණා.පාළම කඩා වැටීමෙන් මගීන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර දුම්රිය මාර්ගය මතට සුන්බුන් පතිතවී තිබෙන බව පැවසෙනවා.දුම්රිය මාර්ගයට පතිතවී ඇති සුන්බුන් ඉවත් කිරීමට දුම්රිය සේවකයින් කැදවා තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Author

Related Posts