යහපත්ව රාජකාරී පොලිස් නිළධාරීන්ට තෑගි

යහපත් රාජකාරී ඇගයීම සඳහා ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, රාජ්‍ය නිවේදිත නිලධාරීන් 13ක්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 100ක්, කාන්තා පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරිනියන් 05ක්, පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල්වරුන් 231 ක් හා කාන්තා පොලිස් සැරයන් සහ කොස්තාපල්වරියන් 38ක්, පොලිස් සැරයන් රියදුරු සහ කොස්තාපල් රියදුරු නිලධාරීන් 08ක් ඇගයීම සඳහා තෝරාගෙන තිබෙන බව සඳහන්.

මෙයට අමතරව යුද හමුදා නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් 113ක් , සිවිල් ආරක්ෂක නිලධාරීන් එක් අයෙකු හා සිවිල් පුද්ගලයින් 06 දෙනෙකු ඇතුළු 515 දෙනෙකු වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදල මඟින් රුපියල් මිලියන 29 කට අධික මුදලක් පිරිනැමීම සඳහාද කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

එ් සඳහා, ත්‍යාග හා පොලිස්පති ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් හෙට (26) දිනයේ අපරාධ වාර්තා කොට්ඨාසයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

උත්සව අවස්ථාවේදී සංකේතාත්මකව ත්‍යාගලාභීන් 140 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 24 කට අධික ත්‍යාග මුදලක් හා පොලිස්පති ප්‍රශංසා 25 ක් පිරිනැමීම සඳහා නියමිතයි.

දිවයිනේ පොලිස් ස්ථාන වලට අනුයුක්තව රාජකාරී සිදු කරමින් මහජන සේවය සඳහා කටයුතු කරනු ලබන පොලිස් නිලධාරීන් අපරාධ විසඳීම නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා නිරන්තරයෙන් කැපවීමෙන් යුතුව තම රාජකාරිය ඉටු කරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පවසනවා.

Author

Related Posts