වාරියපොලදී අනතුරට ලක්වූ ගුවන් හමුදාව අයත් K8 ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ මගින් තහවුරුවී ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව වාර්තාවෙන් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමේ යානයක් පසුගිය සිකුරාදා වාරියපොල , ඉහළ මිනුවන්ගැටේ , වෙලගෙදර ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටුණා.
ඉන් ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලැබුවා.
සත් පුද්ගල කමිටුවකින් අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළා.
අනතුරට ලක්වූ ජෙට් යානයේ දෝෂයක් නැහැ