අනුරට කවුරු හරි වැරදි උපදෙස් දෙනවා – මුජිබුර්

වර්තමාන පාර්ලිමේන්තුවේ ස්වාමි පුරුෂයා සහ බිරිඳ , පියා සහ පුතා පමණක් නොව පෙම්වතා සහ පෙම්වතියද සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මේ බව කියා සිටියේ අද (23) පවතී මාධ්‍ය හමුවකදී
අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා ,

“ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඥාති සම්බන්ධතා නෑ කියලා.පාර්ලිමේන්තුවේ මම දන්න ඉතිහාසය තුළ නෝනයි මහත්තයයි මන්ත්‍රීවරු වෙලා හිටියේ නෑ.ආණ්ඩුව පාර්ලිමේන්තුවට නෝනයි මහත්තය ගෙනල්ලා තියෙනවා. ඒ වගේම තාත්තයි පුතාවයිපාර්ලිමේන්තුවේ ඉන්නවා. මේවා ඥාති සංග්‍රහයවල් නෙවෙයිද.
ඒවගේම ආණ්ඩුව කවුරුත් නොකරපු දේකුත් කරලා තියෙනවා. පෙම්වතා සහ පෙම්වතිය වත්
පාර්ලිමේන්තුවට ගේන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.ඒක කවුරුත් නොකරපු දෙයක්. ඒ වගේම ජාතික ජන බලවේගයෙන් ඡන්දේ ඉල්ලලා පරාජය වුණකෙනෙක්ට තානාපති ධූරයක් දීලා තියෙනවා.
ඒ වගේම ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මන්නාරම සුළං විදුලි බලාගාරය තමන්ගේ ළඟම හිතවතෙකුට ලබා දුන්නා… ඒවගේම සතුට ආයතනයේ විගණනවාර්තා පරීක්ෂණ ටෙන්ඩරය ජනාධිපතිවරයාගේ උපදේශකවරයකුට ලබා දීලා තිබෙනවා. ඔය පුටුවෙ හිටපු කලින් ජනාධිපතිවරුත් කලේ ඔය ටිකම තමයි. ජනාධිපතිවරයා ඔහුගේ පෞද්ගලික වියදම් අඩුකරගෙන තිබෙනවා. නමුත් ක්‍රමයේ වෙනසක් ඇති කරන්න අනුර දිසානායක ජනාධිපතිවරයාට නොහැකි වෙලා තිබෙනවා. ජනාධිපතිවරයාගේ වියදම අඩුකිරීම පමණක් නෙවෙයි ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියලා කියන්නේ. තමන් කරන කියන දේවල් තුළ විනිවිද භාවයක් තිබිය යුතුයි. නමුත් ජනාධිපතිවරයාගේ කිසිදු කටයුත්තක එවැනි දෙයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේමජනාධිපතිවරයා සමග විශ්වවිද්‍යාලයේ එකට කටයුතු කළ පුද්ගලයාට ලේකම් ධූරය පිරිනමා තිබෙනවා.මේව තමයි ඥාති සංග්‍රහයවල් කියන්න. මේක තමයි සියලුම ජනාධිපතිවරු සිදු කළේ. ඒ නිසා තවත් ජනතාව අන්දන්න සූදානම් වෙන්න එපා. ජනතාව ඇන්ඳිල්ලේ සීමාවක් තිබිය යුතුයි. පෙර පැවැති ආණ්ඩුගෙන ආ ක්‍රමයම තමයි වර්තමාන ජනාධිපතිවරයාත් ඉදිරියට ගෙන යන්නේ. ඒ නිසා ඥාති සංග්‍රහයවල් නෑ කියලා බොරු ප්‍රකාශ කරන්න එපා කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.ඒ වගේම මන්නාරම සුළං විදුලි බලාගාරය ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් බැහැරව ජනාධිපතිවරයාගේහිතවතෙකුට ලබා දී තිබෙනවා. නමුත් ඒ ටෙන්ඩරය ලබා දුන්නේ අඩුම ලංසුවට බව ජනාධිපතිවරයාප්‍රකාශකාශ කළා. ටින්ඩර් එකක් ලබාදීමේදී බලන එකම සුදුසුකම අඩුම ලන්සුව නෙවෙයි. අඩුම ලන්සුවටදෙනවනම් එය වෙන්දේසි කළයුතුයි. එහෙනම් ටෙන්ඩර් අවශ්‍ය වෙන්නේ නෑ. පසුගියදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා ඒ ටෙන්ඩරය ලබා දුන්නේ ඇපිල් බොඩ් එකෙන් කියලා. ඒකත් බොරුවක්.ඇපිල්බෝඩ් එක කියනවා මේ ටෙන්ඩරය ලබාදීමට අවශ්‍ය වූ මූලික කරුණු කාරණා අදාළ පුද්ගලයින් විසින් සපුරා නැති බව. කැබිනට් එකේ අනුකමිටුවක් තමයි මේ ටෙන්ඩරය මේ සමාගමට දෙන්න කියලා කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා තිබෙන්නේ. කැබිනට් එකේ බලපෑම මත එම කැබිනට් අනුකමිටුව මෙම සමාගමට මන්නාරම සුළං විදුලි බලාගාර ටෙන්ඩරය ලබා දෙන්න කියලා බලපෑම් කරල තිබෙනවා. ජනාධිපතිවරයාට කවුරුන් හෝ වැරදි උපදෙස් ලබා දෙනවා. ඒ ලණු කාල ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සහ පිටතදී අපහසුතාවයට පත්වෙනවා. ඒවා ජනාධිපතිවරයාගේ තත්ත්වයට සුදුසු නැහැ”

Author

Related Posts