අවුරුදු සමයේදී ආණ්ඩුව බෙදාහරින සහන මල්ලේ සමපෝෂ පැකට් දෙකක් අඩංගු බවට තමන් කිසිසේත්ම ප්‍රකාශ නොකළ බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
“පසුගිය කථිකයෙක් සඳහන් කරලා තිබුණා මේ සමාජ මාධ්‍ය පැත්තෙන් සහ විපක්ෂය පැත්තෙන් මේ ආණ්ඩුව එළඹෙන අවුරුදු සමයත් එක්ක ලබාදෙන්න යන බඩුමල්ල සම්බන්ධව සාවද්‍ය පට්ටපල් බොරු මේ පාර්ලිමේන්තුවේ කියනවා. අර සමාජ මාධ්‍යවල තියෙන ඒවා ඇවිල්ලා මේකෙ කියනවා. මම ඒ නිසා ඉතාම වුවමනාවෙන් ඉල්ලනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමාජ මාධ්‍යවල තියෙන බොරු කියන්න එපා. මම ඉතාම පැහැදිලිව වෙළඳ අමාත්‍යාංශයේ දවසේ නලින් බණ්ඩාර විපක්ෂයේ මන්ත්‍රීතුමා මේ ගැන අහන වෙලාවේ හරි පැහැදිලිව මේ භාණ්ඩ මල්ලට එකතු කරන බඩු ලැයිස්තුව මොකක්ද කියලා. මම ඒ කියන ගමන්ම කිව්වා මේකෙ තියෙන්නෙ සුපෝෂ. සමපෝෂ නෙවෙයි. සුපෝෂ හදන්නෙ අපේ ත්‍රීපෝෂ ෆැක්ටරියේ. ඒ නිසා විපක්ෂයෙන් මේක සමපෝෂ කරන්න හදනවා. ටෙන්ඩරේකින් මේක කොහොමත් කරන්නෙ ගරු සභාපතිතුමිය, මේ බඩු මල්ලේ තියෙන්නෙ සුපෝෂ ග්‍රෑම් 200 පැකට් දෙකක්”
කෙසේවෙතත් මෙහිදී ඩී. වී. චානක මන්ත්‍රීවරයා පැවසුවේ මෙම බඩු මල්ලේ සමපෝෂ පැකට් දෙකක් අඩංගු බවට පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙහි හඬපටය තමන්ට සභාගත කළහැකි බවයි.
ඔබතුමා හිතේ සුපෝෂ තියාගෙන කටින් සමපෝෂ පැවසුවාද යන්න තමා නොදන්නා බවද චානක මන්ත්‍රීවරයා පැවසුවා.
හිතේ එකයි කටේ එකයි;වසන්ත ඇඳගෙන නෑවද?
