වර්ථමානය වන විට සිංගප්පූරුවේ පවතින ආර්ථිකයට පැමිණෙන්න නම් තවත් වසර 65ක් පමණ ගතවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තු සභාවාරය අතරතුරයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“මේ තියන ප්‍රතිපත්ති මාලාව ඇතුළේ පැහැදිලිවම අපට දැනෙන්නේ ආනයනය මත රාජ්‍ය ආදායම උත්පාදනය කරන ක්‍රමවේදයක් ආණ්ඩුව අනුගමනය කරන බවයි.පහුගිය ආණ්ඩුවේ ගත් ණය, IMF එකඟතා ආදී කතා ගැන ඔබලා කතා කරනවා. ආණ්ඩුවක් වුණාම මේ ඔක්කොටම මූහුණ දෙන්න ඕන. ඉතිහාසයේ දේවල් නිවැරදි කරගන්නත් එක්ක තමයි ඔබලාට බලය දෙන්නේ.
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යනවා. ඒ සඳහා ආණ්ඩුව රැඩිකල් තීරණ ගන්න ඕන. හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් කප්පාදුවෙන් කීයක් ඉතුරු වුණාද? ජනතාව බලාපොරොත්තු වන පරිවර්තනයට යන්න නම් IMF තීරණ ඇතුලේ පවා රැඩිකල් තීන්දු ගන්න වෙනවා”
ආර්ථිකය සිංගප්පූරුවේ මට්ටමට එන්න අවුරුදු 65ක් යනවා – නාමල්
