හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සිටිනා තැනක් දන්නා ලෙස තමන් පැවසුවේ නැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, තමා පැවසුවේ දේශබන්දු තෙන්නක්කෝන් ඉන්න තැන දන්නා බව නොව දේශබන්දු සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වන බව පමණක් බවට පැවසූ බවයි.
පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එහිදී අදහස් දැක්වූ සුනිල් වටගල මහතා :
“සමාජ මාධ්‍යයේත් දයාසිරි මන්ත්රීතුමාත් කියපු කාරණය අනුව මම ප්‍රකාශයක් කරලා තියෙනවලු, දේශබන්දු තෙන්නකෝන් ඉන්න තැන මම දන්නවා කියලා කිව්වා කියලා, මම එහෙම ප්‍රකාශයක් කරලා නැහැ. මම කියලා තියෙන්නේ, ඒ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ (61) (62) ප්‍රකාරව කටයුතු කිරීමට ගියාට පස්සේ තමයි ඔහු ගරු අධිකරණයට ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතුව මම තවදුරටත් කියනවා මේ විපක්ෂෙට බොරුව සමාජගත කරන්න එපා කියලා. සෙව්වන්දි හෝ දේශබන්දු ඉන්න තැන මම දන්නවා කියලා කොහෙවත් කිසිම තැනක කියලා නැහැ. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා තමයි කියලා තියෙන්නේ”
දේශබන්දු ඉන්න තැන දන්නවා කියලා මම කොහෙවත් කියලා නැහැ – වටගල
