තමා පෞද්ගලික හේතුවක් මත ස්ථාන මාරුවීමක් ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිවේදී බුද්ධික මනතුංග මහතා පවසනවා.
අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඒ අනුව නව නිලධාරියෙක් පත් කරන තුරු තමා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කරන බවයි.
ඊට අදාළ ලිපියද ඊයේ ඔහු විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති අතර ඊට අදාළ අනුමැතිය ද හිමිව තිබුණා.
මෙම තීරණය කිසිදු බලපෑමකට හෝ වෙනත් ආයතනික ගැටලුවක් මත නොව සිය පෞද්ගලික කරුණක් මත පදනම් ව පමණක් ගත් බව ඔහු සිය ලිපිය මගින් දැනුම් දී තිබෙනවා.
මාධ්‍යට අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිවේදී බුද්ධික මනතුංග මහතා,
“පොලිස් නිලධාරියෙක්ට යම් වගකීමක් පැවරුවට පස්සෙ පොලිස් නිලධාරියෙක්ට කිසිම වෙලාවක තමන්ට පවරපු වගකීමෙන් ඉල්ලා අස් වෙන්න හැකියාවක් නැහැ. නමුත් මම මගේ පුද්ගලික හේතු මත ස්ථාන මාරු වීමක් ඉල්ලලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිද්ධ කෙරිලා, මේ වෙනකොට යම් නිලධාරියෙක් පත් කෙරෙන තුරු මට පවරලා තියෙන වගකීමෙන් මිදීමට මට හැකියාවක් නැහැ. ඒ අනුව ඉදිරියේදී ඊට අදාල කටයුතු සිදු වෙලා, ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් විසින් යම් තීරණයක් ලබා දෙනතුරු මම අනිවාර්යයෙන්ම මෙම තනතුරේ රාජකාරි කළ යුතුයි”
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වැඩභාර ගනු ලැබුවා.
වගකීමෙන් මිදීමට මට හැකියාවක් නැහැ;මම තමයි මාධ්‍ය ප්‍රකාශක
