ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීම – සැකකාරියක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී පසුගිය 17 වනදා සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 24 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එදින රාත්‍රියේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.

සිද්ධියෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා තුවාල ලැබුවා.

මෙම අපරාධයට අධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු 2025.03.18 වන දින රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තා.

එම සැකකරුගේ බිරිඳ මෙම අපරාධයට අධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙලෙස ඊයේ (20) ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

සැකකාරිය වයස අවුරුදු 24ක් වන කොටුවිල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Author

Related Posts