මෙම බද්ද වසර කිහිපයක් තුළ පහළට එමින් තියෙනවා. මොනයම් හෝ හේතුවක් නිසා ආණ්ඩුවට එන ආදායමට වඩා… මොනයම් හෝ හේතුව අපි දන්නවා. චෝදනාවක් එල්ල කරනවා නෙමෙයි නමුත් මේක හරියට විශ්ලේෂණය නොකර ගත් නිසා ආයතනයට ලැබෙන ලාභය අති විශාලයි ආණ්ඩුවට ලැබෙන ලාභයට වඩා. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා සම්පූර්ණයෙන්ම අලුතින් හිතන්න සිගරට්වලට ගහන බද්ද සම්බන්ධයෙන්. ඒකට අපි මෙතෙන සාකච්ඡා කළා. ආණ්ඩුව පෙන්වා දුන්නා උද්ධමනයට තවත් 4%ක් එකතු කරලා තමයි කියලා මේ බද්ද ගහන්නේ. හැබැයි ඒ පැත්තෙන් බැලුවහම අපි පෙන්වා දුන්නා ගිය වසරේ බැලුවහම උද්ධමනය 1.9 නෙමෙයි 1.2යි. එහෙම නම් ඔය බද්ද වැදෙන්න ඕනේ 5.2කට. නමුත් ඔක්කෝටම එක බද්ද ගහනකොට නිරායාසයෙන්ම මෙතෙන විෂමතාවයක් නිර්මාණය වෙනවා. මේ තුළ අලුත් සිගරට් ඉදිරිපත් කරලා ඒවට කට්ටිය අල්ල ගන්නවා. තර්කය තමා එහෙම නැති වුණොත් බීඩි බොන්න ඒ අය උනන්දු වෙනවා කියලා. ඒ නිසා මම යෝජනා කරනවා මුදල් කමිටුව විදියට මම මේක සම්මත කළේ, අයවැය පාස් කරගන්න තියෙන අවශ්‍යතාවය නිසා. නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා අපිත් සහභාගි වෙන්නම් අලුතින්ම සිගරට් බද්ද පැනවීම ගැන අපි තීරණයක් ගත යුතුයි.”
මෙලෙස සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය වැරදි සහගත බව ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දැඩි ලෙස විවේචනයක් සිදු කරනු ලැබුවා.
එහිදී මේ වන විටත් ඔන්ලයින් හරහා කැසිනෝ ව්‍යපාරය සිදුවන බවත් තවමත් බද්දක් අය කර නොගන්නේ මන්දැයි හර්ෂ ද සිල්වා මහතා විමසා සිටියා.
එම අවස්ථාවේදී නැඟිසිටිමින් සභානායක බිමල් රත්නායක මහතා කේන්තියෙන් නැඟිසිටමින් පැවසුවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට පැවරු පමණින් වඟකිම් විරහිත ලෙස හැසිරිය නොහැකි බවයි.
යම් ලෙස ඒ ආකාරයට හැසිරුණහොත් එම ස්ථාවර නියෝගය අත්හිටුවන ලෙස යෝජනා කරන බවත් ලැබි තිබෙන අයිතිය බ්ලැක්මේල් කිරිමට හෝ තර්ජනාත්මකව පාවිච්චි කිරිමට අයිතියක් නොමැති බවත් පවසා සිටියා.
එහිදී අතීතය සිහිපත් කරමින් හර්ෂද සිල්වා ගෝඨාභය පාලන සමයේද මෙලෙස සිදු වු බැවින් අත්දැකිම් තිබෙන බව පැවසුවා.
තවද ඕනෑම කෙනෙකුට තමන් ඉවත් කළ හැකි බවත් මෙම බඳු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල විවාදයකට අවස්ථාව ලබා දිය යුතු බවට තමා සත්භාවයෙන් ඉල්ලා සිටි බව සඳහන් කළා.
හර්ෂ එක්ක බිමල් පැටලිලා
