සමඟියේ කොළඹ නගරාධිපති අපේක්ෂක මෙන්න

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස ආචාර්ය විශේෂඥ වෛද්‍ය රුවේස් හනීෆා මහතා නම් කර ඇති බව වාර්තා වෙනවා.

හෙට (20) දිනයේ සමගි ජන බලවේගය මෙය නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතයි.

රුවේස් හනීෆා මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්වරයෙකු වන අතරම, 2013 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අතුරුදහන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පත් කළ පරණගම කොමිසමේ සමාජිකයෙකුද වනවා.

Author

Related Posts