මන්නාර්හි සුළං බල ව්‍යාපෘතිය ඩොලර් කිලෝවොට් එකක් ඩොලර් සත 7 ක මිලට එකඟ කරවාගෙන එම ව්‍යාපෘතිය කෙසේ හෝ අදානි සමාගමට ලබා ගැනීමට එම සමාගම සහ ඉන්දීය රජය බලපෑම් කරමින් සිටින බව වාර්තා වෙනවා.
හින්දු පුවත්පත වර්ත කරලා තිබුණේ ඇමෙරිකන් ඩොලර් බිලියනයක් වටිනා මෙම බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව.
2024 මාර්තු 15 වැනිදා එම ව්‍යාපෘතිය අදානි සමාගමට වසර 20ක කාලයක් සඳහා කිලෝවොට් එකක් ඩොලර් සත 8.26ක ගාස්තුවකට මීට පෙර ලබා දීමට කැබිනට් තීන්දුවක් ගෙන තිබුණා. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විපක්ෂයේ සිටි සමයේ සිටම එය ඉතා අධික මිලක් බව පෙන්වා දුන්නා. ඔහු පෙන්වාදුන්නේ එය ඩොලර් සත 4ක් පමණ විය යුතු බවයි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු දෙසැම්බර් 30 වැනිදා කැබිනට් මණ්ඩලය එම මිල ගණන් යළි සලකා බැලීමට තීන්දුවක් ගත් අතර, එම කැබිනට් තීන්දුව පිළිබඳ කරුණු ජනතාවට නොකියා සඟවා සිටීමට උත්සාහ කළා.
කෙසේ වෙතත්, එම රහසිගත කැබිනට් තීන්දුව පිළිබඳ ජනවාරි මාසයේදී මාධ්‍යවලින් හෙළිදරව් කළ අතර, එයින් පසු අදානි සමාගම ව්‍යාපෘතියෙන් ඉවත් වන බව සඳහන් කරමින් ලිපියක් ප්‍රසිද්ධ කරනු ලැබුවා.
එවැනි පසුබිමක මේ වෙද්දී අදානි සමාගම ඩොලර් සත 7කට ශ්‍රී ලංකාව එකඟ කරවාගැනීමට උත්සාහ කරමින් සිටින අතර, ශ්‍රී ලංකා රජය ඩොලර් සත 5-6 මුදලකට එකඟ වීම සඳහා හෙට්ටු කරමින් සිටින බව වාර්තා වෙනවා.
පසුගිය සතියේ කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, අදානි සමාගමට ලංකාවේ මිල ගණන්වලට එකඟ වීමට නොහැකි නම් ඉවත්ව යෑමේ නිදහස පවතින බව.
