රජයේ සල්ලි වලින් රනිල් එංගලන්තෙ ගිහින්;නිල සංචාරයක් ලෙස නම් කිරීමේ උත්සාහයකුත්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිරිය ඇතුළු පිරිසක් එංගලන්තයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් සඳහා රජයේ මුදල් ලක්ෂ 162ක් වැය කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී හෙළි කර සිටියා.

එය සම්පූර්ණ අපරාධමය වරදක් බවත් ඒ පිළිබඳ වහා ම පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එම පෞද්ගලික සංචාරය සඳහා තවත් මුදල් ලබා ගැනීමේ අරමුණින් එය නිල සංචාරයක් ලෙස නම් කිරීමේ උත්සාහයක් ද වාර්තා වී ඇති බව බිමල් මහතා පැවසුවා.

පසුගිය 2023 සැප්තැම්බර් 22,23 මෙම සංචාරය සිදුකර ඇති අතර ඊට අවශ්‍ය මුදල් සැප්තැම්බර් 12 නිදහස් කර ඇති බවද බිමල් රත්නායක අමාත්‍යවරයා හෙළි කර සිටියා.

මෙම සංචාරය සඳහා දස දෙනෙකු සහභාගී වී ඇති බවද අමාත්‍යවරයා හෙළි කළ අතර රනිල් වික්‍රමසිංහගේ ෆෙරාරිය දැන් සෑම තැන ම හැපෙන්නට පටන් ගෙන ඇති බවද පැවසුවා.


Author

Related Posts