සමාජ මාධ්‍යවල යන්නේ රට හිනස්වන විහිලු;මම දේශබන්දු හංගගෙන නැහැ-ටිරාන්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට රැකවරණය දී තමා විසින් සඟවාගෙන සිටින බවට ඇතැම් සමාජ මාධ්‍යවල යන ප්‍රචාර රට හිනස්වන විහිලුවක් බව හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසු බව දිවයින පුවත්පත වාර්තා කරනවා.

විහිලු මගින් සමාජය හිනස්වන පිරිස් මෙවැනි ප්‍රචාර කරමින් තමා පිළිබඳ වැරදි මත පතුරවමින් සමාජය නොමඟ යවන බවත් ඒවාට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් අලස් මහතා ඉල්ලා සිටිනවා.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරමින් සිටින බවට සමාජ මාධ්‍යවල පළවන අදහස් සම්බන්ධයෙන් අලස් මහතාගෙන් කළ විමසීමේදී මේ බව පවසා තිබෙනවා.

Author

Related Posts