අනුරාධපුර රෝහලේ සිදුවිම;සැකකරු රිමාන්ඩ්

අනුරාධපුර වෛද්‍යවරි දූෂණය කළ බව කියන සැකකරු එළැඹෙන 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

සැකකරු අද (17) අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රත්වරයා මෙම නියෝගය ලබා දුන්නා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදී ම බරපතළ ලෙස ලිංගික අපරාධයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු යුද්ධ හමුදා සෙබළෙකු වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකපිට අත්අඩංගුවට ගත් මොහු අධිකරණ නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කළ අතර පසුගිය 14 වන දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

Author

Related Posts