අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පොළොන්නරු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච් .එම් .යු .අයි කරුණාරත්න මහතාව පත් කර තිබෙනවා .
මෙම පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අද (14) දිනයේ සිදු කර තිබෙන බවයි සඳහන් වන්නේ .
මෙම පත්කිරීම සිදුවීමට පෙර අනුරාධපුර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබුණේ එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වූ වෛද්‍ය ඩී .එම් .එස් සමරවීර මහතායි.
