හිටපු බන්ධනාගාර නිලධාරියෙක් වෙඩි තබා ඝාතනය කරලා

ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 61 හැවිරිදි බූස්ස බන්ධනාගාරයේ, බන්ධනාගාර සහකාර අධිකාරිවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු බව සඳහන්.

අද (13) පස්වරුවේ ඔහුගේ නිවසට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතිබව අක්මීමන පොලීසිය පවසනවා

වෙඩි වැදීමෙන් තුවාල ලැබු හිටපු බන්ධනාගාර සහකාර අධිකාරිවරයා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසනවා.

මෙම බන්ධනාගාර සහකාර අධිකාරිවරයා පසුගිය වසරේ මාර්තු මාසයේ දී විශ්‍රාම ලබා ඇතිබව වාර්තා වනවා.

කෙසේවෙතත් කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකළේ ද යන්න මේ වනතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

අක්මීමන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Author

Related Posts