හිටපු කථානායක, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති යන ධුරවල මෙන්ම වර්තමාන එම ධුරවල කටයුතු කරන අය සිය ධුර කාලයේ ඉන්ධන සඳහා වියදම් කර ඇති මුදල් වාර්තාවක් සභානායක බිමල් රත්නායක අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එහිදී සභානායකවරයා සඳහන් කළේ, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන 2023 ජනවාරි සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ වාහන 08ක් සඳහා රුපියල් මිලියන 26ක ඉන්ධන භාවිත කර තිබෙන බවයි.
සභානායකවරයා සඳහන් කළේ, මෙම සියලු වියදම් වාර්තා පාර්ලිමේන්තු මූල්‍ය අධ්‍යක්ෂකවරයා සහතික කර ඇති බවයි.
එමෙන්ම 2023 වර්ෂය සඳහා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ වාහන 06ක් සඳහා රුපියල් මිලියන 14ක් ඉන්ධන සඳහා වියදම් කර තිබෙනවා.
නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා වාහන 04ක් සඳහා රුපියල් ලක්ෂ 78ක් භාවිත කර ඇති බව සභානායකවරයා සඳහන් කළා.
තවද, 2024 වසරේ හිටපු කථානායකවරයා වාහන 09ක් සඳහා රුපියල් මිලියන 33 ක ඉන්ධන භාවිත කර තිබෙනවා.
2024 වසරේ පළමු මාස 09ට (වර්තමාන ආණ්ඩුව පත්වන තුරු) හිටපු නියෝජ්‍ය කථානායකවරයා රුපියල් මිලියන 13ක් වාහන 06ක් සඳහා භාවිතකර ඇති බවත්, එම කාලයට හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා වාහන 04ක් සඳහා රුපියල් මිලියන 7.2ක ඉන්ධන භාවිත කර තිබෙන බවද සභානායකවරයා පැවසුවා.
එමෙන්ම, වර්තමාන පාර්ලිමේන්තුවේ 2024 පලමු මාස එකහමාරක කාලය තුළ නව කථානායකවරයාගේ ඉන්ධන වියදම රුපියල් 123,000ක් ද, නියෝජ්‍ය කථානායකවරයාගේ ඉන්ධන වියදම රුපියල් 45,000ක් සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිනීගේ ඉන්ධන වියදම රුපියල් 18,000ක් ද වනවා.
තවද, 2025 වසරේ ජනවාරි මාසයේ කථා නායකවරයාගේ ඉන්ධන වියදම රුපියල් 218,000ක් ද, නියෝජ්‍ය කථානායකවරයාගේ ඉන්ධන වියදම රුපියල් 23,000ක් සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිනිගේ ඉන්ධන වියදම 81,000 ක්.
සභානායකවරයා සඳහන් කළේ, පෙබරවාරි 25 වැනිදා දක්වා කථානායකවරයාගේ ඉන්ධන වියදම රුපියල් 123,000ක් ද, නියෝජ්‍ය කථානායකවරයාගේ ඉන්ධන වියදම රුපියල් 25,000ක් වන බවයි.
කථානායකවරුන්ගේ ඉන්ධන වියදම
